පෑලියගොඩ කොවිඩ් ආසාදිතයින් රැසක් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරලා – පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්




තමන් ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා බස් රථවල අංක සටහන් කර තබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

යම් අවස්ථාවක දී කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කොට තිබුණහොත් එම පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කළ පුද්ගලයින් සොයා ගැනීම සහ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් නිවේදනය කිරිමට මෙය උපකාරී වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය හරහා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් රැසක් පොදු ප්‍රවාහන සේවා රැසක ගමන් කර ඇතිබවට තොරතුරු හෙළිවී තිබීම මිට ආසන්නතම සිදුවීම බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ හිමියන් සිය බස් රථයේ අංකය හොදින් පෙනෙන අයුරින් බස් රථය තුල ස්ථාන කිහිපයක ප්‍රදර්ශණය වන ලෙස සටහන් කොට තබන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් දැනුම් දී සිටියේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments